හැම කෙනෙක්ටම හීනයක් තියනව, සමහරු ඒ හීන හැබෑ කරගන්නව. සමහරුන්ට ඒ දේවල් හීනයක්ම විතරයි, සමහරු අනුන්ගෙ හීන වලට හිනාවෙනවා එහෙම වෙන්නෙ ඒ අය දකින හීනේ ඒ අයගෙ තරමට වඩා වැඩියි කියලා, ඒත් ඒ හිනාවෙන කිසි කෙනෙක් දන්නෙ නෑ හීන වලට සීමාවක් නෑ ඕනම කෙනෙක්ට ඕනම විදියකට හීන දකින්න පුළුවන් කියලා. මිනිස් අපි වගේම සත්තුත් එකයි එයාලටත් හීන දකින්න පුළුවනි, මෙක ගන විස්තර ටිකක් කියනවනම් මෙක බොක්ස් ඔෆිස් හිට් එකක්, ඒ වගේම Imdb 6.7ක් වගෙ ගානක් අරන් තියනවා.
ඉතින් මම අද අරන් ආවේ ඒ විදියට හීන දැකපු ගොළුබෙලි යාළුවෙක්ගේ කතාවක්, එයාගෙ හීනෙ වෙන කිසිම දෙයක් නෙමේ F1 මෝටර් රථ එහෙම නැත්තම් ෆෝමියුලා වන් කියන රේසින් කාර් එක්ක තරග කරන එක, එයාට ඉන්නවා වීරයෙක්, ඒ විරයා තමයි මේ රේසින් කාර් වල ලෝක ශූරයා අති දක්ශයා, ඉතින් අපේ යාළුවා එයාගෙ නම තියෝ. අපේ තියෝ යාළුවා දකින්නෙ හීනයක්ම විතරයි ගොළුබෙල්ලො කවද්ද හයියෙන් ගියේ ඊටත් රේසින් කාර් එක්ක තරගෙට අරකද මේකද කියලා අපේ අහිංසකයව නැතිබංගස්තාන කරලම දානවා අනිත් ගොළුබෙල්ලො සැට් එකම එක්කාසු වෙලා, වෙනස් අයට කොහොමත් එහෙමනෙ සලකන්නෙ ඉතින් හැම තැනකම, අනික ඉතින් ඔහොම හීනයක් තියන ගොළු බෙල්ලෙකුට හිනාවෙන්නෙ නැත්තෙ කවුද නේ? ඒත් ඉතින් හදිස්සියෙම දවසක් අපේ යාළුවාගේ නම වෙනස් කරන්න වෙනවා, ඒකට සුපිරිම හේතුවක් තියනවා,ගොළුබෙලි තියෝ, අධිවේගී ටර්බෝ බවට හැරවෙනවා, ටර්බෝ කියල හදුන්වන්නෙ වාහන එංජින් වල ක්රියාකාරීත්වය වැඩිකරන්න යොදන උපාංගයක් ඉතින් අපේ තියෝඅ යාළුවට අන්න ඒ නම තමයි පටබැදෙන්නෙ, ඒ විතරක් නෙමෙයි අපේ ටර්බෝ කොල්ලට වාහනේ වේගෙ වැඩි කරන්න යොදාගන්න තවත් උපක්රමයක් වෙච්ච NOx කියන දේත් ලැබෙනවා, අර නීඩ් ෆෝ ස්පීඩ් මෝස්ට් වෝන්ටඩ් එකේ එහෙම රේසින් කාර් වල තියෙන්නෙ, අන්න එව්වා, කොහොමද ගොළුබෙල්ලෙක් එව්වා දාගෙන යනකොට.. පිස්සු නේ..
0 comments:
Post a Comment