Time

Search

Friday, November 8, 2013

The Wolverine (2013) | නොමියෙන මිනිසා නැවතත් කරලියට…

 

වොල්වරින් කිව්වම නොදන්නේ කව්රුද, ඒ තරම් ප්‍රසිද්ධ චරිතයක් තමයි වොල්වරින් කියන්නේ. X Man චිත්‍රපට මාලාව සමඟ ඉදිරියට පැමිණි මේ චරිතය ඒ හැම එකකම වාගේ ප්‍රධාන චරිතයක් රඟ දැක්වුවා.  X-Men (2000),  X2 (2003),  X-Men : The Last Stand (2006), X-Men Origins : Wolverine (2009) සහ X-Men: First Class (2011) තමයි මෙතුවක් කලකට X men ලේබලය යටතේ අපේ රසාස්වාදය වෙනුවෙන් දිග හැරුනේ.

යකඩ නිය සහිත මේ නොමියෙන මිනිසාට තියෙනවා තම ඇඟ තුල අපූර්ව හැකියාවක්. ඒ ඕනෙම දෙයකින් තමන්ව සුව කරගැනීමේ හැකියාව. මෙවර ඒ හැකියාව ඔහුට කරදරයක් වෙලා. මොකද අවසානයේ අපි දැක්කේ වොල්වරින් අතින් ඔහුගේ පෙම්වතිය වූ ජීන් මියයනවා. ඒ සමඟම මේ අපූරු මිනිසා ඔහුගේ මේ සටන් කාමී දිවියෙන් ඉවත් වෙලා තනිව වනගත ජිවිතයක් ගෙවනවා. එතනින් තමා මේ කතාවේ ආරම්භය. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය James Mangold විසින්. රංගන දායකත්වය වෙනදා වගේම මේ චරිතය අපේ හිත තුල දෙවනත් කරන්න තරම් හැකියාවක් සහ පෞර්ෂයක් ඇති සුපිරි නළු Hugh Jackman විසින්. ඒ වගේම මෙහි තව නව චරිත වගයක් එලි බහිනවා. ඒ චරිත වලට රංගනය සපයන්නෙත් අලුත් නිළියන් කිහිප දෙනෙක් Tao Okamoto, Rila Fukushima යන ජපාන නිළියන් සමඟ Svetlana Khodchenkova නැමති රුසියානු නිළිය රංගනය සපයනවා තවත් දුෂ්ඨ චරිතයකට. මේ උපසිරැස නිර්මාණය කරනකොට මේ චිත්‍රපටය තවමත් තිරගත වෙනවා. කැමරා පිටපතක් උපයෝගී කරගෙන මෙහි උපසිරැස නිර්මාණය කලේ මේ කතාවට තියෙන ආසාවම නිසා. මේ වනවිට ජාත්‍යන්තර ලකුණු දර්ශකය 7.1 ක ලකුණු ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඒ වගේම පළමු සතිය තුල වාර්තා ගත ආදායමකුත් හොයලා තියෙනවා. මේ වනවිට චිත්‍රපට නිෂ්පාදන පිරිවැය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදල එනම් අදවන විට 2013 අගෝස්තු 8 වනවිට අදායම ඩොලර් මිලියන 102ක් ලෙසිනුයි වාර්තා වෙන්නේ. මේ විස්කම කරලා තියෙන්නේ සති දෙකකින් එනම් 2013 ජුලි 26 තිරගත කිරීම අරඹලා සති දෙකක් වගේ ඉතාමත් කෙටි කලක් තුල. එහෙනම් මම කියන්නම් මෙවර වොල්වරින් සූදානම් වෙන්නේ මොකටද කියලා.

මතක ඇතිනේ ජපානෙට ඇමෙරිකාව පරමාණු බෝම්බ දැම්මා 1945 අගෝස්තු 6 සහ 9 දින වලදී හිරෝෂිමා නාගසාකි කියන නගර වලට. මේ කාලේදී වොල්වරින් ජපාන සිරකරුවෙක් නාගසාකි වල තියෙන හිර කඳවුරක. ඒ අවස්ථාවේ තමා නාගසාකි වලට පරමාණු බෝම්බ දමන්නේ. මෙසේ පරමාණු බෝම්බ වැටෙන අවස්ථාවේදී ඔහු එක්තරා ජපාන සෙබලෙකුගේ ජීවිතය බේරා ගන්නවා. මම මුලින් කිව්වා වගේ තම පෙම්වතියගේ මරණයෙන් පසු වනගත වූ වොල්වරින් එහෙමත් නැතිනම් ලෝගන් හොයාගෙන කෙනෙක් එනවා ජපානෙන්. එතනින් තමා කතාවේ ආරම්භය. මේ එන කෙනා එන්නේ ඇර 1945 දී වොල්වරින් විසින් බේරාගත් කෙනාගේ පණිවිඩයකට. ඒ ඔහු මිය යන්න පෙර කල උදව්වට ස්තුතිය ප්‍රකාශ කරන්න. එත් එහි යටි අරමුණ එයමද? මෙවර වොල්වරින් හට මුහුණ දෙන්න වෙන අභියෝගය කුමක්ද? ඒ සියල්ල ඔබට බාරයි එහෙනම්. මේ වගේ උපසිරසක් සමඟ නැවත මුණ ගැහෙනතුරු ඔබ සැමට ජයෙන් ජය!!

අමතක උනානේ කියන්න, අන්තිමට ඊළඟ X-Men චිත්‍රපටය ගැන ඔන්න ඉඟියක් දීලා තියෙනවා නොවරදවාම බලන්න. නාමාවලිය පටන්ගෙන ටික වෙලාවකින් තමා ඒ ගැන යන්නේ. තවත් ලොකු කේස් එකක් වෙන්ටයි යන්නේ..

                      YouTube-Android-download                                                                                                                                                                                                                                                                                                                                                                      

650 MB (DVD)

705 MB (BR) 

980 MB (BR) 


 

 English Sub                                                                   Sinhala Sub

0 comments:

Post a Comment

Popular Posts

 

Subscribe to our Newsletter

Contact our Support

Email us: malshyamal@gmail.com

Our Team Memebers