Cloudy with a Chance of Meatballs 2 is a 2013 American computer-animated comic science fiction film produced by Sony Pictures Animation and distributed by Columbia Pictures. The film is the sequel to the 2009 film Cloudy with a Chance of Meatballs, which was loosely based on Judi and Ron Barrett's book of the same name. It was directed by Cody Cameron and Kris Pearn, produced by Kirk Bodyfelt, and executive produced by the directors of the first film, Phil Lord and Chris Miller.[2] The film was released on September 27, 2013.
Cloudy with a Chance of Meatballs 2 නිකුත් වුනේ 2013 සැප්තැම්බර් 13 වෙනිදා. අන්තර් ජාතික සිනමා දර්ශකයෙ 6.6 ක අගයක් ලබාගන්න සමත්වෙලත් තියෙනවා. මේ දීලා තියෙන කොපිය ඉතාම හොඳ තත්වයෙ තියෙනවා කියලා මම සහතික වෙනවා. Cloudy with a Chance of Meatballs පළමු චිත්‍රපටය ඔයාලට මතක ඇතිනෙ. මේ චිත්‍රපටය ඒ සමඟ සම්බන්ධ වෙලා තමයි ආරම්භ වෙන්නෙ. ඔයාලට බලන්න පුළුවන්. පළමු චිත්‍රපටිය අවසන් වන දිනයෙන් තමා දෙවැනි චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ. ඉතින් අපි කතාව පැත්ත ටිකක් බලමු.
මතකනෙ ෆ්ලින්ට් ලොක්වුඩ් ජලය ආහාර බවට පත් කරන්න පුළුවන් යන්ත්‍රයක් නිපදවනවා. ඒ යන්ත්‍රය නිසා ආහාර කාලගුණයක් ඇතිවෙලා ආහාර වැසි පටන්ගන්නවා සැලෝව් ෆෝල් වල. අන්තිමේදි මේ ෆිල්ඩිස්මඩෆර් කියන යන්ත්‍රය පාලනයෙන් තොර වෙලා ලොකු අවුලක් ඇතිවෙනවා ලෝකයටම. ඉතින් ෆ්ලින්ට්, සෑම් සහ මිතුරො එකතු වෙලා මේ යන්ත්‍රය අක්‍රිය කරනවා. එතනින් තමා දෙවැනි කොටස පටන්ගන්නෙ. ෆ්ලින්ට්, සැම්, අර්ල්, මෙනී, බ්‍රෙන්ට්, ටිම් සහ ස්ටිව් අලුත් පර්යේෂණාගාරයක් අරම්භ කරන්න සූඳානම් වෙනවා. මේ වෙලාවෙ එතනට එනවා චැස්ටර් වී. චැස්ටර් වී කියන්නෙ බලවත් විද්‍යාඥයෙක්. එයා ෆ්ලින්ට්ට කතා කරනවා එයත් එක්ක ලිව් කෝප් වල වැඩ කරන්න. ඒ වගේම පව්ත්ර කටයුතු සඳහා අනිත් අයටත් සැලෝව් ෆෝල් අතහැරලා යන්න වෙනවා නැවත දන්වනතුරු. ඒත් චැස්ටර් වී සූඳානම් වෙන්නෙ බොහොම රහසිගත කාර්යයකට. ඒත් චැස්ටර් වීගෙ කණ්ඩායමට ෆිල්ඩිස්මඩෆර් යන්ත්‍රය හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු ෆ්ලින්ට්ගෙන් ඉල්ලා සිටිනවා තනියම දූපතට ගිහින් යන්ත්‍රය හොයලා විනාශ කරන්න කියලා. මොකද මේ යන්ත්‍රය මඟින් ජිවමාන ආහාර සතුන් නිපදවන්න අරගෙන. ෆ්ලින්ට් තනියම දූපතට යන්න සූඳානම් වුනත් අන්තිම සෑම් ඇතුළු ඔහුගෙ යාළුවොත් මේ ගමනට එකතු වෙනවා… ඉතින් ඔයාලත් බලන්න මෙයාලට දූපතේදි මුහුණ දෙන්න වෙන්නෙ මොනවටද…
0 comments:
Post a Comment